Thursday, August 28, 2014

ලාබයි ලාබයි......


rasawitha-02ස්වභාවිකවම ලා රතු පැහැයට හුරු දෙතොලක් හා කාල වර්ණ කේෂ කලාපයක් ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට උරුමව තිබේ. යුරෝපීය කතුන් තඹ හෝ සුදු පැහැති කේෂ කලාපයකට හිමිකම් කියන අතර ඔවුන්ගේ දෙතොල් ලා පැහැතිය. නියපොතු යට සුදු මැලිය මේ නිසා යුරෝපීය කාන්තාවෝ තම කොණ්ඩය පාට කළු කිරීමටත් තොල් හා නිය රතු කිරීමටත් වෙහෙසෙති. ඒ සියල්ල ස්වභාවිකව උරුමකැර ගත් අපේ කාන්තාවෝ ද තොල් පාට කරති. නියපොතු වර්ණ ගන්වති. ඔවුන් මේ සියල්ල සිදුකරන්නේ තම තරුණ බව පෙනුමෙන් රැක ගැනීමේත් වෙනත් අයගේ ආකර්ශනය දිනා ගැනීමේත් අපේක්ෂාවෙනි.
මේ සදහා රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියන් සිටින අතර ඊට අමතරව ශරීර අලංකාර කිෙරීමේ කටයුතු සදහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුද එක්ව සිටිති.
රුව සැකසීමේ දී බාහිරින් සිදුකරන ප‍්‍රතිකර්ම මෙන්ම සිරුරේ අභ්‍යන්තරයේ සිදුකරන ප‍්‍රතිකර්ම වශයෙන් කොටස් දෙකකි. මේ දෙකම ඇතැම් අවස්ථා වලදී ශල්‍යකර්ම දක්වා ම දිවෙන තත්ත්වයකි. මේ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින වෛද්‍යවරුන් පවා ස`දහන් කරන්නේ රුව රැකගැනීම සදහා සිදුකරන ප‍්‍රතිකාර ඉතා ඉවසිල්ලෙන් හා පරිස්සමෙන් කළ යුතු ඒවා බවයි.

සාමාන්‍යයෙන් රෝගියකුට වෛද්‍යවරයකු කරනු ලබන ප‍්‍රතිකාරයත් මේ ශල්‍යකර්මත් අතර විශාල වෙනසක් ඇත. සාමාන්‍ය රෝගියකුට වෛද්‍යවරයකු ශල්‍යකර්මයක් සිදුකරන්නේ හෝ ප‍්‍රතිකාර කරන්නේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරුන් විසින් ගනුලබන තීරණයක් අනුවය. ඇතැම් අවස්ථාවලදී එවැනි ශල්‍යකර්මයක් සිදුවන බවට රෝගියා දන්නේ ද නැත.

most-beatiful-women-04එසේ වුව ද රුව රැකගැනීමට ශල්‍යකර්ම සිදුකරන්නේ මුළුමනින් ම පැමිණෙන පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව විනා වෛද්‍යවරයාගේ අවශ්‍යතාව හෝ හිතුමතය අනුව නොවේ. රුව රැකගැනීමට පැමිණෙන තැනැත්තා හෝ තැනැත්තියගේ අභිමතය පරිදි ප‍්‍රතිකාර කිරීම සිදුකරයි.

මේ ප‍්‍රතිකාර ශල්‍යකර්ම හා ශල්‍යකර්ම නොවන ප‍්‍රතිකාර යන දෙඅංශයටම අයත් වේ. වෛද්‍යවරුන් පවසන්නේ කවර ආකාරයේ ප‍්‍රතිකාරයක් වුව ද ඉතා පරෙස්සමෙන් සිදුකළ යුතු බවයි. මෙහිදී තමන්ට අවශ්‍ය පරිදි මුහුණේ හැඩය, ශරීරයේ හැඩය හා වර්ණය ද සිරුරේ ඇති ලප කැලල්, වෙනත් විකෘති වීම්, රෝම ඉවත් කිරීම් ආදී  සියල්ල කැර ගැනීමට හැකිවේ.
රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ දී වඩාත් ජනපි‍්‍රය ප්ලාස්ටික් සැත්කමයි. ලොව මුල්ම ප්ලාස්ටික් සැත්කම සිදුකැර ඇත්තේ රූපය ආරක්ෂා කිරීමට වුව ද ඒ යුද්ධයේ දී තුවාල ලැබූ වෝල්ටර් සියෝ නමැති නාවිකයකුටය.

ඒ 1917 දී ය.

නූතන ප්ලාස්ටික් සැත්කමේ පියා ලෙස හදුන්වන්නේ නවසීලන්ත වෛද්‍යවරයකු වූ ලන්ඩනයේ සේවය කළ ශී‍්‍රමත් හැරල්ඞ් ජිලීස්ය. පළමු ලෝක යුද්ධයේ දී තුවාල ලබා විරූපී වී ගිය සොල්දාදුවන්ගේ මුහුණේ විරූපී බව නැතිකිරීමට ඔහු සැත්කම් ක‍්‍රම සංවර්ධනය කළේය.

ලෝකයේ කාන්තාවන් අතර ඉතාමත් බහුල හා වඩාත් ප‍්‍රචලිත රූපලාවන්‍ය ක‍්‍රමයක් වන්නේ ඇහිපිය සකස් කිරීමයි.

එහි දී ඇස් වටා ඇති රැළි ඉවත්කර ඇසි පිය යම් තරමක් ඉහළට කර සාදයි. ඇතැම් විට ඇසිපියෙහි ඇති රෝම මුළුමනින්ම ඉවත්කර කෘතිම ඇහි පිහාටු ඇදීම සිදුකරයි. ඇහේ සම වටා ඇති මේදය ඉවත් කර ඇසේ ඇති තද බව නැති කැර දැමීමේ හැකියාව ද ඇත. මෙය සිදුකරන්නේ එන්නත් භාවිත කරමිනි. ඒ සදහා දින ගණන් රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව රූපලාවන්‍ය ශිල්පීහු කියති.

සැත්කමට දින කිහිපයක් රෝහල් ගත වී සිටීමට අවශ්‍ය වන්නේ නැත. එන්නත් භාවිත කරමින්ද මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සිදු කරයි.

තවත් බහුලව සිදුකරන රූපලාවන්‍ය ක‍්‍රමයක් වන්නේ මුහුණේ ඇති විකෘතිතා ඉවත් කිරීමයි. මෙය ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයකි. දත්වල විකෘතිතා සැකසීම, හනුවල වෙනස්වීම් යළි සැකසීම, ඇතැම් පුද්ගලයන්ගේ මුහුණේ අස්ථි ඇතුළට ගිලී ගොස් ඇත්නම් ඒවා සැකසීම, හිස් කබලේ හැඩය නිසි පරිදි සැකසීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම ද මේ සදහා යොදා ගනී. ඒවා පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයකගේ මෙහෙයවීමෙන් ශල්‍යාගාරයක දී නිර්වින්දනය කර සිදුකරන ශල්‍යකර්ම වේ. මෙවැනි ශල්‍යකර්මවලදී අස්ථි බද්ධ කිරීම ද සිදුකරයි. වෛද්‍යවරුන් පවසන්නේ මෙවැනි සැත්කම් වැඩිපුරම සිදුකරන්නේ නාසය අවට ප‍්‍රදේශයේ බවයි.

විදෙස් කාන්තාවන් අතර වඩාත් ජනපි‍්‍රය සැත්කමක් වන්නේ පියයුරු ආශි‍්‍රත සැත්කම්ය. පියයුරු විශාල කිරීම, කුඩා කිරීම හා එල්ලා වැටීම වැළැක්වීම සදහා මේ සැත්කම් සිදුකරයි. පියයුරු විශාල කිරීමේ දී පියයුරුවලට පහළින් පැල්මක් යොදා එතුළින් සිලිකන්වලින් නිර්මාණය කරන ලද උපකරණයක් පියයුරු මාංශපේෂිවලට යටින්  තැන්පත් කිරීමෙන් ඒවා වඩාත් විශාල කරයි.

පියයුරුවල ඇති මේදය, වඩාත් විශාල වූ මාංශ පේෂි හා සමේ කොටස් ඉතා පරෙස්සමෙන් ඉවත්කිරීම මගින් පියයුරු කුඩා කිරීම වෛද්‍යවරු සිදුකරති. මේ අනවශ්‍ය කොටස් ඉවත්කිරීමෙන් පසු පියයුරුවල අලංකාරය වැඩිවන ආකාරයට හැඩයට සැකසීම සිදුවේ. මෙය ශල්‍යාගාරයක නිර්වින්දනය කැර සිදුකළ යුතු සැත්කම් වන අතර ඒවා මිල අධික සැත්කම් ද වේ.

මෙහිදී සැත්කම් සිදුකළ කැළල දිගටම පවතින නමුත් එය පියයුරුවලට යටින් පිහිටන බැවින් එළියට පෙනෙන්නේ නැත.  වෛද්‍යවරුන් පවසන්නේ මේ සදහා වයස්ගත කාන්තාවන් ද විශාල වශයෙන් පැමිණෙතත් වයස්ගත වූ විට එවැනි සැත්කමකින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම අපහසු බවයි. එමෙන් ම වයස්ගත වී සැත්කම කළහොත් අතුරු ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව ඔවුහු පෙන්වා දෙති.

201408241පියයුරු වඩාත් පෘෂ්ඨිමත් කිරීමේ දී එල්ලා වැටෙන පියයුරුවල පේශි තද කිරීමෙන් දැඩි බවක් ලබා ගැනීමේ හැකියාව පවතී. එහිදී බොහෝ විට පියයුරේ පහළින් ඇති පේශි හා මේදය ඉවත්කිරීම සිදුවේ. මෙහි දී වැඩි වශයෙන් ම ඉවත්කරන්නේ තන පුඩුව ආශි‍්‍රත පේශි කිහිපයකි. එය සිදුකරන්නේ පළමුව තන පුඩුව අවට ප‍්‍රදේශය විවෘත කැර පේශීන් ඉවත් කිරීමෙනි. පසුව සම එකතුකැර නැවත තනපුඩුව බද්ධ කරනු ලබයි.

මෙමගින් පියයුරුවලට වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකිවේ. මේ සැත්කම් සදහා අවශ්‍ය වුවහොත් සිලිකන්වලින් නිපද වූ උපකරණ ද භාවිත කරයි.

නිරූපිකාවෝ විශේෂයෙන් ම තමන්ගේ පිසුපස තට්ටම් ප‍්‍රදේශය ද විශාල කැර ගැනීමේ සැත්කම් කරවා ගනිති. මෙහිදී සිදුවන්නේ මේදයට අමතරව තට්ටම් ප‍්‍රදේශයේ සිලිකන් තැන්පත් කිරීමයි. එමගින් වඩාත් පිටුපසට නෙරා ආ තට්ටම් සාදා ගැනීමේ හැකියාව පවතී. ඇතැම් අය තට්ටම්වල පිරී ඇති මේදය ඉවත්කරගෙන තට්ටම් සදහා සුදුසු හැඩයක් ලබා ගැනීම ද සිදුකරයි.

මුහුණේ කැළල් ඉවත්කර මුහුණ යළි සැකසීම ද බහුලව දක්නට ලැබෙන රූපලාවන්‍ය ක‍්‍රමයකි. මුහුණේ ඇති කැළල් හා ලප ඉවත්කිරීමට අමතරව ඇතැම් අවස්ථාවල දී සිරුරේ වෙනත් ස්ථානයකින් සම ගෙන බද්ධ කිරීම ද සිදුකරයි.

රැළි ඉවත්කිරීම බහුලව සිදුකරන්නේ කම්මුල් හා ගෙල අවට ප‍්‍රදේශයේ ය. ඒ අවට රැළි සහිත පේෂි ඉවත්කැර පහළට ඇදීම මගින් මෙය සිදුකරයි. රෝහල්ගත වී නිර්වින්දන තත්ත්වයෙන් සිදුකළ යුතු සැත්කමකි.

කැළල් ඉවත්කිරීමේ සැත්කම් කළ ද සැබැවින් ම එහිදී සිදුකරන්නේ තිබූ කැළල මතුපිටින් තවත් කැළලක් ඇති කිරීමයි. මෙවැනි කාර්යයක දී වැරදීමක් වුවහොත් කැළල මගින් මුහුණ හෝ ශරීරය මුළු මනින්ම විරූපී වීමට වැඩි ඉඩකඩක් ඇත. මෙහිදී කැළල් වැසෙන පරිදි සම බද්ධ කිරීම හෝ වළ ගැසුණු කැළැල් ඉවත් කිරීමේ දී එන්නත් භාවිත කිරීම සිදුවේ.

කෙනෙකුගේ නිකටේ ස්වභාවය ඔවුන්ගේ පෞරුෂයට සෘජුවම බලපායි. මේ නිසා විදෙස් කාන්තාවෝ තම නිකට ගැන විශේෂයෙන් සැළකිල්ලක් දක්වති. නිකටේ හැඩය වෙනස් කිරීම සදහා අනවශ්‍ය මේදය ඉවත් කිරීම් හා එන්නත් ලබා දීම ද සිදුකරයි.
සිරුරේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කරමින් උදරය නිසි පරිදි සකසා ගැනීම තට්ටම් නිසි පරිදි සකසා ගැනීම බහුලව සිදුවන්නකි. මේ ක‍්‍රමයේ දී සිදුකරන්නේ සිරුරේ එක්තුවී ඇති මේදය බටයක් යොදාගෙන ඉවත්කිරීමයි. චූසන උපකරණයක් යොදාගෙන වැඩිපුර ඇති මේදය ඇද දමයි. උදරය, තට්ටම්, උකුල, කළව, අත්, මුහුණ හා පපුව ආශි‍්‍රතව මෙලෙස මේදය ඉවත්කිරීම සිදුවේ.
ඇස්වල වර්ණය ශී‍්‍ර ලාංකිකයන්ගේ කළු හෝ තද දුඹුරු පැහැතිය. විදේශිකයන්ගේ ඇස් වල පැහැය ලා දුඹුරු, නිල්, කොළ ආදී විවිධ පැහැ ගනී. මේ ඇස්වල පැහැයෙන් මුහුණට වෙනස් පෙනුමක් ලබාගත හැකි බැවින් බොහෝ කාන්තාවෝ විවිධ වර්ණයේ කාච පළදිමින් ඇස්වල වර්ණය වෙනස්කැර ගනිති. කාච ලබා ගැනීමෙන් පසු එය තමන් විසින්ම පැළදීමේ හැකියාව ඇති බැවින් එය සංකීර්ණ කි‍්‍රයාදාමයක් නොවේ.
කාන්තාවෝ තම කොණ්ඩය ද විවිධ ආකාරයෙන් සකසා ගනිති. මෙය ඉතා සරළ හා ඕනෑම අයකුට කළ හැකි රූපලාවන්‍ය ක‍්‍රමයකි. ඊට අමතරව සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම ද තමන්ට වුව ද සිදුකළ හැකි රූපලාවන්‍ය කාර්යයකි.
නියපොතු සැකසීම, කොණ්ඩය, තොල් හා නිය පාට කිරීම ද රූපලාවන්‍ය කටයුතු වුව ද ඒ සදහා වෛද්‍යවරුන්ගේ සහය අවශ්‍ය නැත. තමන්ටම කැරගත හැකි රූපලාවන්‍ය කටයුතුය.

20140824කෙසේ වෙතත් දැන් ලොව පුරා කාන්තාවෝ ලස්සන වීම සදහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සැත්කම් පවා කරවා ගනිති. මේ ආකාරයේ සැත්කම් කරගැනීමට ගොස් මිය යන අය ද සිටිති. පසුගිය දා බම්බලපිටියේ දී වෛද්‍යවරියක මිය ගියේ ද එවැනි රූපලාවන්‍ය කාර්යයක දී ය.

නිර්වින්දනය කර සිදුකරන සැත්කමක් කොතරම් අවදානම් වුව ද කාන්තාවෝ පමණක් නොව රුව ගැන සැළකිලිමත්වන පිරිමි ද කී‍්‍රඩකයෝ ද තම සිරුරේ හැඩය සකසා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරති.
දැන් දැන් යුරෝපයේ මෙන් ම ආසියාවේ ද තරුණ වීමේ සැත්කම් වඩාත් ජනපි‍්‍රය වෙමින් පවතී. චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් බොහොමයක මේ වෙළදපොළ නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම පියයුරු වර්ධන සැත්කම් මේ අතර ප‍්‍රධාන වේ. තායිලන්තයේ දී තම පියයුරු සාදා ගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ හා යුරෝපයේ කාන්තාවෝ එහි පැමිණෙති.
ඔබ යම් හෙයකින් අන්තර්ජාලයේ “butt enhancement” යැයි සටහන් කර සොයා බැලූවහොත් ඔබට විවිධ වූ ක‍්‍රමවේදයන් සොයා ගැනීමට හැකි වනු ඇත. ඔබ එවැනි ප‍්‍රතිකාරයක් කරගැනීමට අපේක්ෂාකරනවා නම් ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. මේ ප‍්‍රතිකාරය යම් ආකාරයකින් වැරදී ගියහොත් සිදුවන්නේ ලස්සනවීම වෙනුවට විරූපී කැත පුද්ගලකු බවට පත්වීමයි.
කාන්තාවකට තම තට්ටම් ප‍්‍රදේශය විශාල හා වටකුරු කර ගැනීමට අනිවාර්යයෙන් ම ව්‍යායාම වල යෙදිය යුතුය. එය නොමිලේම සිදු කරගත හැකිවේ. එහි කිසිදු අනාරක්ෂිත බවක් හෝ අන්තරායකාරී බවක් නැත. තට්ටම් පෙදෙස විශාල කර ගැනීමට එහි පේෂි සඳහා ව්‍යායාම කිහිපයක්ම පවතී. මේ ව්‍යායාම මගින් විශාල වීම පමණක් සිදු නොවේ. එමගින් තරබාරුව අඩුකැර ගැනීම, එල්ල වැටීම වළක්වා ගැනීම හා සිරුරට නිසි හැඩයක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.
rasawitha01සැත්කමක් මගින් තම අවයව විශාල කරගන්නේ නම් ඒ සදහා ඇති එක් ක‍්‍රමයක් වන්නේ මේදය ඇතුළු කිරීම හෝ මේදය තැන්පත් කිරීමයි. මෙය ව්‍යායාම කිරීමෙන් තට්ටම් ලොකුකැර ගැනීමට වඩා ඉක්මන් ක‍්‍රමයකි.
මෙහි දී වෛද්‍යවරයා විසින් සැත්කමට ලක්වන පුද්ගලයාගේ ශරීරයේ වෙනත් ස්ථානවල තිබෙන අමතර මේදය ඉවත් කර එම මේදය තට්ටම් ප‍්‍රදේශයට ඇතුළත් කර හැඩය සකසයි. බොහෝ කාන්තාවන් මේ ක‍්‍රමයට කැමැත්තක් දැක්වන්නේ වැඩිපුර මේදය ඇති තැනින් මේදය ඉවත්කිරීම හේතුවෙන් සිහින් බව ලැබී තමන්ට අවශ්‍ය පරිදි වෙනත් තැනක් විශාල කැර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.
මේ සිලිකන් උපකරණ ඝන තත්ත්වයට ආසන්න ද්‍රව්‍යයකින් රබර් ගුණයට සමාන ලෙස සකස් කරන ලද්දකිය. එය කැඞී යාමක් හෝ කාන්දුවීමක් සිදුවන්නේ නැත. මේවා බද්ධ කරනු ලබන්නේ කොදු ඇට පෙළේ පහළම කෙළවර ආසන්නයේ මාංශ පේෂි අතරට හෝ ඊට යටිනි. මේ නිසා උපකරණයක් බද්ධ කර ඇති බව පිටතට පෙනෙන්නේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ තට්ටම් විශාලකැර ගැනීමට සිලිකන් උපකරණ යොදා ගැනීම දීර්ඝකාලීන ආයෝජනයක් බවයි.


fech-04-futter

චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති(Video)

දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ.
ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු  ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15   දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.
උඩ රට නැටුමෙන් රාත්‍රිය වර්ණවත් වු අතර චීන යුවතියෝද බෙර පදයට පාද තැබුහ.
මෙරට දේශීය කර්මාන්ත පිළිබඳ  දැනුමක්ද ලැබු චීන යුවතියෝ මැටි වළං කර්මාන්තය පිළිබඳව අත් දකීම් ලැබුවේ දැඩි ඕනෑකමිනි.


දැරිය අතින් පුහුණුකරු මරණයට(වීඩියෝව)


ස්වයංක්‍රීය ගිනි අවියකින් නව හැවිරිදි දැරියකට වෙඩි තැබීමේ පුහුණුව ලබාදෙමින් සිටි ගිනි අවි පුහුණුකරුවෙකු එම දැරියගේ අතින් අවියේ පාලනය ගිලිහීම නිසා වෙඩිකා මියගොස් ඇති පුවතක් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
සිදුවීම සටහන්ව ඇති වීඩියෝ පටයකුත් ඇරිසෝනා පොලිසිය අන්තර්ජාලයට එක්කර තිබේ. එහි දැක්වෙන ආකාරයට පුහුණුකරු අවිය දැරියට ලබාදී එක් වරක් වෙඩි තබා පෙන්වන්නැයි කියයි.
ඇය එසේ කළ පසු ඔහු ‘‘හරි දැන් අපි එක පිට එක උණ්ඩ පිටවෙන විදියට අවිය සකස් කරමු.දැන් පුළුවන්ද බලන්න‘‘ යැයි පවසා අවිය දැරිය අතට දේ.
අනතුරුව වීඩියෝ ඇත්තේ වෙඩි පිට වෙඩි පිටවෙද්දී අවිය කෙලින් අල්ලාගෙන සිටිනු නොහැකිව දැරිය වම් පසට නොදැනුවත්වම හැරුණු ආකාරයත් වම් පස සිටිනා පුහුණුකරු ඇයගේ අතේම ඇති අවියෙන් වෙඩි කා බිම ඇද වැටෙන ආකාරයත් දැකගත හැකි විය.
ඔහුව වහාම රෝහල වෙත ගෙනයාමට පියවර ගෙන ඇත්තද ඒ වට විටත් හිසට වැදුණු උණ්ඩයක් නිසා ඔහු සිට ඇත්තේ මියගොස්ය.
මෙම පුහුණුකරු හිටපු හමුදා සෙබළෙකුද බව සදහන් අතර මෙවන් වැරදීමක් කෙසේ සිදුවූවේ දැයි සිතාගත නොහැකි බව ඔහුගේ මිතුරෝ කියති.
ඔහු සේවය කළ ආයතනයේ නම ‘‘බුලට්ස් ඇන්ඩ් බර්ගර්ස්‘‘ වේ. එහි වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවැන්නකි.
‘‘අපගේ ආයතනයට පැමිණෙන්නන්ට ඕනෑම ආකාරයක අවියක් භාවිතා කරන්නට හැක. විශේෂයෙන් ඔබට ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවකින් වෙඩි තබා බැලීමට වුවමනා නම් ඒවාද අප සතුව ඇත.ඉතින් එන්න.ඇති පදම් වෙඩි තබන්න‘‘
ඇමරිකාවේ ගිනි අවියක් භාවිතා කරන්නට වයස අවුරුදු 18 ට වැඩිව තිබීම අනිවාර්ය වන මුත් කුඩා දරුවෙකුට වැඩිහිටියෙකු හෝ  පුහුණුකරුවෙකු යටතේ හෝ අවි පුහුණුව ලැබීමට බාධාවක් නැත.
වසය අවුරුදු 9 ක දැරියකට අවි පුහුණුව ලබා දෙන්නේ කවර ආකාරයේ දෙමව්පියෝ දැයි කියා නම් සිතා බැලිය යුතු බව මෙම පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනා සඳහන් කර තිබුණි.

කාගේදැයි පෙන්වා දිය නොහැකි වැරැද්දක් නිසා නිකරුණේ ජීවිතයක් අහිමිව ගොස් ඇත.

ගැහැණිය දිවි නාම්බා සමඟ පැයක් සටනේ




තමන් මරා දැමීමට පැමිණි දිවියෙකු හා පුරා හෝරාවක පමණ කාලයක් කුඩා සවලක් හා දෑකැත්තකින් පමණක් සන්නද්ධව සටන්වැද ජීවිතය දිනා ගැනීමට ඉන්දියා ජාතික කාන්තාවක් සමත්වූවාය.
 

කුම්ලා දේවි (54) නම් වන ඇය කුඹුරේ වැඩ නිමවී නිවස බලා එමින් සිටියදී දිවියා ඇගේ ඇඟට පැන්නාය.
තම අත තිබූ සවලෙන් හා දෑකැත්තෙන් දිවියාට පහර පිට පහර එල්ල කර ඇති ඇය අවසානයේ දිවියාව පන්නා දැමුවාය.
බරපතල තුවාල ඇතිව තවත් සැතපුම් බාගයක් පමණ දුරින් වූ තම ගම්මානයට ලේ පෙරමින්, බඩගාමින් පැමිණි ඇය  වහ වහා රෝහල් ගත කළහ.
 ගැඹුරු කැපුම් තුවාළ තිබූ ඇයට මැහුම් සියයකට වඩා දැමිීමට සිදුවූ බව වෛද්‍යවරු පවසන්නෝය.
ගම්වැසියන්ට දැන් ඇය වීරවරියකි.
දිවියාද මියගොස් සිටිනු පසුව සොයාගත හැකිව තිබේ.
වනජීවී විශේෂඥයින් පවසන්නේ දිවියෙකු පුරා පැයක් මෙසේ සටන් වැදුණු බව ඔවුන් අසන්නේ ප්‍රථම වතාවට බවයි.සාමාන්‍යයෙන් තම ගොදුර යටත් කර ගැනීමට නොහැකි නම් විනාඩි 10 ක උපරිමකයින් පසු දිවියා පලා යන බව ඔවුන් කියයි.

  දිවියා   අත්දැකීම් අඩු තරුණ සතෙකු වන්නට ඇතැයි ඔවුන්ගේ අදහසයි.

Wednesday, August 27, 2014

විශ්වය: කාල අවකාශ චාරිකාවක්… Cosmos: A SpaceTime Odyssey [S01 : E08] | [සිංහල උපසිරසි සමඟ]

විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන, 













සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
1 downloads

ගැහැනු ළමයකුගේ ඇගට භූතයෙක් ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා

ගැහැනු ළමයකුගේ ඇගට භූතයෙක් ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා
ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇගට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.  පපුවේ හා හිසේ කැක්කුමක් තිබෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ ප‍‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර ගිය මේ කතාව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුද පසුවූයේ තරමක තිගැස්මකට හා බියකට පත්වය.
රෝහල් වාට්ටුවේ ප‍‍්‍රතිකාර ලබමින් සිටියදී පවා දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීම නිසා ඒ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇත. දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වී තිබෙන බව දුටු වාට්ටුවේ හෙදියෝ මේ බව පොල්ගහවෙල දිසා රෝහලේ ප‍‍්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ෙ–.එම්. ජයතිලක මහතාට පවසා තිබේ.
වෛද්‍ය ජයතිලක මහතා දැරිය පරික්ෂා කර බලා ඇතත් මෙසේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යාමට හේතු සාධකයක් සොයා ගැනීමට
නොහැකිවූ නිසා තවදුරටත් ඇය වාට්ටුවේ නතරකර තැබීමට තීරණය කර ඇත්තේ මෙයට හේතුව සොයා ගැනීමටය.
දැරියගේ කටෙන් වරින් වර හිටි හැටියේ කට දෙපැත්තෙන් ලේ වහනය වූ අතර වාට්ටුවේ හෙදියන් හා කාර්ය මණ්ඩලය පමණක් නොව වාට්ටුවේ සිටි රෝගීන්ද මේ දර්ශනය දැක කිසියම් තැති ගැන්මකට ලක්වී ඇත්තේ මෙය අමනුෂ්‍ය දෝශයක් නිසා සිදුවන බව විශ්වාස කිරීම නිසාය.
මෙය අමනුෂ්‍ය දෝෂයක් හෝ භූත දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව කල්පනා කළ වාට්ටුවේ හෙදියෝ කිහිපදෙනෙක් මේ හොරය කුමක්ද කියා අල්ලා ගැනීමට සෝදිසියෙන් සිට ඇතත් වරින් වර ඇයගේ කට දෙපැත්තෙන් ලේ වහනයවී ඇත්තේ එම හෙදියන්ද පුදුමයට හා විශ්මයට පත්කරවමිනි.
ප‍‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජයතිලක මහතා රෝහලේ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ අයි.එම්. නිශ්ශංක අබේරත්න මහතා සමග සාකච්ඡුුා කර මේ අබිරහස සොයාගැනීමට මෙවැනි අද්භූත සිද්ධීන් ගැන දීර්ඝ කාලයක සිට ගවේශණ හා පර්යේෂණවල නියැලී සිටින විද්වතෙකු වන මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ සම්බන්ධව පර්යේෂණය කිරීමට කැමැත්ත පළකර ඇත. පොල්ගහවෙල දිසා රෝහල බලා පසුගිය ඉරිදා අප ගියේ ඒ ඉල්ලීමට අනුවය.
වෛද්‍ය ජයතිලක, හෙද සොහොයුරියන් වන පුෂ්පකාන්ති, එච්.ආර්. සාගරිකා සහ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක යන මහත්ම මහත්මීන් විසින් කැඳවාගෙන ගොස් වරින් වර කට දෙපැත්තෙන් ලේ වහනය වන දැරිය ළÛට කැඳවාගෙන යනු ලැබූහ.
භූත දෝෂයක් නිසා කට දෙපැත්තෙන් ලේ වහනය වන බව කියන දැරිය සමග කතාබහ කළ අතර ඇය එහිදී පැවසුවේ මෙවැනි කතාවකි.
”මා 11 වැනි වසරේ ඉගෙනුම ලබනවා. ඉස්කෝලෙදී පවා මගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීමට පටන්ගත්තා. මුලින්ම නහයෙන් ලේ ආවා ඊට පස්සේ දිගටම කට දෙපැත්තෙන් ලේ ගලන්නට පටන් ගත්තා. එක පාරක් දෙපාරක් වගේ ඇස් දෙකෙන්ද ලේ ගැලූවා. මාස හතරක විතර කාලයක ඉඳලා තමා මේ විදිහට ලේ ගලන්න පටන්ගත්තේ.
ඉස්කෝලේ පන්ති කාමරයේ ඉද්දි පවා මගේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්න පටන්ගත්තා. ටීචර්ලා කිව්වා මේක හොඳ කරගෙන ඉස්කෝලෙ එන්න කියා. පහුගිය වාරෙම ඉස්කෝලෙ යන්න බැරිව ගියා. සමහර ටීචර්ලාත් කිව්වේ මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් කියා යැයි” ඇය පැවසුවාය.
වෛද්‍ය ජනක ජයසූරිය කට දෙපැත්තෙන් මේ විදිහට ලේ ගලාගෙන යන්න කළින් මොනවාගේ දෙයක්ද දැනෙන්නේ?
දැරිය  ඇගට ලොකු බරක් වගේ දැනෙනවා. සීතල ගතියකුත් දැනෙනවා. ඊට පස්සේ එක පාරටම කට දෙපැත්තෙන් ලේ ගලනවා. මගේ තාත්තගේ තාත්තා ඒ කියන්නේ මගේ අත්තා අවුරුදු හතරකට විතර කලින් මිය ගියා.
අත්තාගේ භූත ආත්මය මගේ ඇÛට ඇතුල්වෙලා තියනවා කියා දේවාලයකින් කිව්වා. අත්තාගේ භූත ආත්මය ඇÛට ඇතුල්වෙලා ලේ උරා බොද්දි මගේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යනවා.”
වෛද්‍යවරයා මොකක්ද දුව ඔය අතේ බැඳගෙන ඉන්න රතුපාට නූල
දැරිය  ”දේවාලයේ කපු මහත්තයා ජීවම් කරපු රතුපාට නූලක් තමා අතේ බැඳගෙන ඉන්නේ. මේ නූල අතේ බැඳගෙන ඉන්නකොට කට දෙපැත්තෙන් ලේ ගලන්නේ නැහැ.
තනියම ඉන්න වෙලාවල්වලට ටොයිලට් එකට ගියාමත් කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යනවා. ගොඩක් කට්ටියක් එක්ක ඉද්දි කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්නේ නැහැ” යැයි දැරිය පැවසුවේ වෛද්‍යවරයා ඇසූ ප‍‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙය වෛද්‍ය ජනක ජයසූරිය මහතාගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය. හෙද සොහොයුරියක් වන එච්.ආර්. සාගරිකා මහත්මිය මෙසේ පැවසුවාය.
”මේ ගැහැනු ළමයා වාට්ටුවේ ඉද්දි කිහිපවරක්ම එයාගේ කටින් ලේ ගැලූවා. අපි හොඳ සෝදිසියකින් ඈතට වෙලා බලාගෙන හිිටියා. එහෙම ඉද්දිත් ළමයාගේ කටින් ලේ ගලා ගියා. මෙය අපට අදහාගත නොහැකි සිද්ධියක් වුණා.
මියගිය අත්තාගේ භූත ආත්මය ඇÛට ඇතුල්වෙලා ලේ උරා බොන බව දැනෙන බව ඇය මා සමග කීවා. අත්තාගේ භූත ආත්මය ලේ උරා බීලා ඇෙÛන් පිටවෙලා යන්න සූදානම් වෙද්දි කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන බව ඇයගෙන් ඇහැව්වාම කිව්වා අත්තා තමා සමග තරහවී සිටිය බවත් ඇය පදිංචිවෙලා හිටපු ගෙදර වත්තට ආශාවකින් මියගිය බවත් ඇය මා සමග පැවසුවා යැයි”ද හෙද සොහොයුරි සාගරිකා මහත්මිය පැවසුවාය.
භූත ආත්මයක් ශරීරයට ඇතුළුවී ලේ උරා බීම නිසා කටෙන් ලේ ගලන බව කියන දැරියගේ පියාද රෝහලට පැමිණ සිටි අතර ඔහුගෙන්ද වෛද්‍ය ජනක ජයසූරිය මහතා කරුණු විමසූ අවස්ථාවේ ඔහු මෙසේ කීය. ”මාස තුන හතරක විතර කාලයක ඉඳලා තමා දුවගේ කටෙන් ලේ ගලන්න පටන්ගත්තේ. ඉස්කෝලේ ඉගෙන ගනිද්දිත් කටෙන් ලේ ගලාගෙන ගිහින් තියනවා. මුලින්ම නාසයෙන් ලේ ගලාගෙන ගිහින්. එක් වරක් දෙකක් විතර ඇස් දෙකෙන්ද ලේ ගලාගෙන ගොස් තිබෙනවා. ඊට පස්සේ දිගටම කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්නට පටන්ගත්තා.
කුරුණෑගල ඉස්පිරිතාලයට අරන් ගිහින් නැවැත්තුවා. ස්කෑන් කළා එක්ස්රේ පරීක්ෂණ කළා. කිසිම රෝගයක් නොමැති බව දුව පරික්ෂා කළ වෛද්‍යවරුන් කිව්වා. වෛද්‍යවරුන් එහෙම කිව්වේ ස්කෑන් හා එක්ස්රේ වාර්තාද පරික්ෂා කර බලමිනි.
දොස්තර මහත්වරුන් එහෙම කිව්වත් ගෙදර ඉද්දි හිටි හැටියේ දුවගේ කටෙන් ලේ ගලාගෙන ගියා. ගෙදරට ගොඩවෙන්න හදද්දි එකපාරටම ඇÛ වෙවුලලා වගේ කටෙන් ලේ ගලන්න පටන්ගත්තා. ඒ තමා මුලින්ම ලේ ගලන්න පටන්ගත්තු දවස.

මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් බව කල්පනා කරලා දේවාලයකට එක්ක ගිහින් සාත්තුවක් කළා. ජීවම් කරපු රතු පාට නූල දුවගේ අතක බඳින්න කියා කපු මහත්තයා දුන්නා. ඒ නූල අතේ බැඳගෙන ඉද්දි කටෙන් ලේ ගලන්නේ නැහැ.
දවසක් දුව උන්නු ගමන් ගෙදරින් යන්න ගිහින්. අපි කලබල වෙලා දුව හොයාගෙන යද්දි ගමේ මිනි පිට්ටනිය ළÛ ඉන්නවා. එයාගේ කට දෙපැත්තෙන් ලේ ගලා තිබෙන අන්දම දැක්කා. දුව ක්ලාන්තය හැදිලා වැටෙන්න යද්දි අප අල්ලා ගත්තා.
කටින් ලේ ගලමින් සිටි දුව පාරේ ගමන් කරන අන්දම ගමේ කිහිපදෙනෙක් දැක ඒ බව පැවසුවා යැයි”ද දැරියගේ පියා පැවසීය. පවුලේ තොරතුරු හෙළිකරමින් ඔහු වෛද්‍යවරයා සමග මෙසේද කීවාය.
”අගහිÛකම් නිසා බිරිඳ මැදපෙරදිග රස්සාවකට ගියා. බිරිඳ රට ගිහින් අවුරුදු හතක් විතර වුනා තවම ලංකාවට ආවේ නැහැ. ඉඳලා හිටලා මගෙත් එක්ක දුවත් එක්ක කතා කරනවා. සල්ලි එවන එකත් අඩුයි. මගේ වැඩ තහනම් කරලා අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. එක පුතෙක් හදිසි අනතුරකට ලක්වෙලා එක්තැන් වෙලා.
මේ දුවට හොඳට ඉගෙන ගන්න පුළුවනි. බොහොම අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නේ. බොහොම අමාරුවෙන් ජීවිතය ගැට ගසාගනිද්දි තමා දුවට මේ කරදරය වෙන්න පටන්ගත්තේ. බිරියගේ අම්මා තමා දුව රැුුකබලාගන්නේ. නැන්දම්මාත් දැන් රෝගාතුර වෙලා. ප‍‍්‍රශ්න ගොඩක ඉන්නේ.

රස්සාව හදාගන්න වයඹ දැයට කිරුළ පැවති කාලයේ ජනාධිපතිතුමාට ලියුමකින් පැමිණිලි කළා. මේ ගැන පරීක්ෂණයක් කරපු මහත්වරු ලොකු තැන්වලට දැනුම්දීලා රස්සාව හදාගන්න හදන්නේ මෙයා අපිට කිව්ව නම් හදලා දෙනවානේ කියා බැන්නා. තවම රස්සාව ලැබුණේ නැහැ යැයි දැරියගේ පියා පැවසුවේ හැඬූ කඳුළින් යුතුවය.
දවසක් එක පාරටම අතේ බැඳගෙන හිටපු රතු නූල ගැලවී ගියා. ඊට සුළු මොහොතකට පසු දුවගේ කටෙන් ලේ ටිකක් ගලාගෙන ආවා යැයි”ද ඔහු කීවේ අලූතින් වූ  සිද්ධියක් ගැන තොරතුරු හෙළිකරමින්ය.
හිටිහැටියේ කටෙන් ලේ ගලාගෙන යන දැරිය ප‍‍්‍රතිකාර ලබන දැරිය සිටින ඇඳ සමීපයේ රෝගයකට ප‍‍්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගතව සිටින ආර්.ඒ. ප‍‍්‍රියන්ති මහත්මිය මේ සම්බන්ධව අප සමග මෙසේ පැවසුවාය.
”මේ ළමයා පැත්තකට හැරිලා නිදාගෙන ඉද්දි එක පාරටම එයාගේ කටින් ලේ ගලාගෙන ගියා දැක්කා. රෙද්දක් පොරවාගෙන ඉඳලා ළමයා ඒ පොරෝනය ඉවත් කරද්දි කටෙන් ලේ ගලාගෙන ගොස් තිබෙනවා දැක්කා. මේ අවස්ථා දෙකේදීම නර්ස් නෝනලාට කතා කර දැනුම් දුන්නා.
මේ විදිහට ලේ ගලන්නේ ඇයිද කියා මට හිතාගන්න බැහැ යැයි”ද ප‍‍්‍රියන්ති මහත්මිය කීවාය. රෝහල් වාට්ටුවේ ප‍‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් කිහිපදෙනෙක් කීවේ මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් බවය.
අතේ බැඳගෙන සිටි රතු පැහැති නූල ගලවා දමන ලෙස වෛද්‍ය ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අවනත වෙමින් ඇය නූල ගලවා දමා ඇඳේ දිගා වූවාය. දැරියගේ ඇඳ සමීපයේ සිටි ප‍‍්‍රියන්ති මහත්මියට ඇය ගැන හොඳ සෝදිසියකින් සිටින ලෙස කල්තියා දැනුම්දී තිබූ අතර මෙන්න ළමයාගේ කටෙන් ලේ ආවා යැයි ඇය පැවසුවාය.
වෛද්‍යවරයා දැරියගේ මුඛය හා දිව ද ඉතා හොඳින් පරික්ෂා කර බලා නැවතත් ඇයට ඇඳට වී සිටින ලෙස පවසා හෙද සොහොයුරි පුෂ්පකාන්ති ඇතුළු හෙදියන් සමග කතාබස් කරමින් මේ ගැන කරුණු පැහැදිලි කරදෙමින් සිටිය අතරවාරයේ දැරියට වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා ඇත.
දැරිය වාට්ටුවේ තිබෙන වැසිකිළියට මුත‍‍්‍රා කිරීමට ගිය අතර ඇය පිටතට පැමිණෙන තෙක් දොර අසල හෙද සොහොයුරි සාගරිකා මහත්මිය රැුුඳී උන්නාය. දැරිය වැසිකිළියෙන් පිටතට පැමිණියේ කටෙන් ගලා තිබූ ලේ සමගය.
මේ බව හෙද සොහොයුරි සාගරිකා මහත්මිය වෛද්‍ය ජනක ජයසූරිය මහතාට පැවසීමෙන් පසු ඔහු කරන ලද දැනුම්දීමක් මත රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක අබේරත්න මහතා වහා ක්‍‍්‍රියාත්මක වී ඒ ලේ කොටස් රසායනාගාර පරික්ෂණයකට ලක්කිරීම සඳහා ලබා ගත්තේය.
දැරියගේ කට ප‍‍්‍රදේශයේ කැටිවී තිබියදී ලබාගත් ලේ රසායනාගාර පරීක්ෂාවකට ඒ මොහොතේම ලක්කර ඒවා බී නෙගටිව් කාණ්ඩයට අයත් බව පැවසීය. දැරියගේ සිරුරෙන් ද ලේ සාම්පලයක් ලබාගෙන එයද පරික්ෂා කර බලා අබේරත්න මහතා පැවසුවේ එයද බී නෙගටිව් කාණ්ඩයට අයත් බවය.
ලේ සාම්පල් මෙවැනි පරික්ෂාවකට ලක්කරනු ලැබුවේ කටින් පිටව තිබුණේ මිනිස් ලේ ද එසේත් නොමැති නම් වෙනත් වර්ණකයක්ද යන්න ගැන විද්‍යාත්මකව සොයා ගැනීමටය.
දැරියගේ කටෙන් පිටවී ඇත්තේ ඇයගේම ලේ බව සැකහැරගත් පසු කටෙන් මෙසේ ලේ පිටවන්නේ කෙසේද යන්න හෙළිකර ගැනීම වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඉදිරියේ පැවති ඊළÛ අභියෝගය විය.
පැය තුනක පමණ ගවේෂණයකින් පසු දැරියගේ කටෙන් ලේ ගලාගෙන යන රහස හෙළිකර ගැනීමට වෛද්‍යවරයා සමත්විය.
වෛද්‍යවරයා කළ ඒ ගවේෂණය ද මේ සමගම පළකර ඇත.
මෙම සිදුවීම භූත දෝෂයක් අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව හෙළිකරගත් වෛද්‍යවරයා ඒ කරුණු කාරණා ගැන වෛද්‍ය ජයතිලක මහතාට දැනුම් දුන්නේය.
දැරියගේ කටෙන් ලේ ගැලීමේ අබිරහස හෙළිකරදීම ගැන වෛද්‍ය ජයතිලක මහතා වෛද්‍ය ජයසූරිය මහතාට කෘතඥතාව පළකර සිටියේ අතට අත දීමෙනි. පොල්ගහවෙල දිසා රෝහලේ ප‍‍්‍රධාන වෛද්‍ය නිලධාරී ෙ–.එම්. ජයතිලක මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කීය.
”කටෙන් ලේ ගලායාම දැනගත් පසු මා දැරියව පරික්ෂා කළා. ලේ ගලාගෙන යන ආකාරය ගැන හෙළිකර ගැනීමට ඇයගෙන් ප‍‍්‍රශ්න කළත් ඒ ගැන වචනයක්වත් ඇය හෙළිකළේ නැහැ.
මියගිය අත්තාගේ ආත්මය සිරුරට ඇතුළුවූ පසු මෙවැන්නක් සිදුවන බව පමණයි ඇය දිගින් දිගටම කීවේ. එතැනින් එහාට කිසිම දෙයක් කිව්වේ නැහැ. දැරියට කිසියම් මානසික ආතතියක් තිබෙන බවක් ඇය හා කළ කතා බහේදී පෙනී ගියා.
කෙසේ වෙතත් මේ ලේ ගලන රහස හෙළිකර ගැනීමේ අවශ්‍යතාව මට තදින්ම දැනුනා. මෙවැනි අද්භූත සිදුවීම් ගැන පර්යේෂණ ගවේෂණයන්හි නිරතව සිටින වෛද්‍ය ජනක ජයසූරිය මහතාට මේ ගැන දැනුම්දීමට තීරණය කර දුරකථන අංකය සොයාගෙන ඔහුට මම කතා කළා.
වෛද්‍ය ජයසූරිය මහතා ඔහුගේ වටිනා කාලය කැපකර මේ ගැන පර්යේෂණයක් කිරීමට පැමි”ම ගැන ඔහුට මා ඇතුළු රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේම ස්තුතිය පුද කරනවා.
ඒ වගේම මේ වගේ අද්භූත දේවල් ගැන කෙරෙන පර්යේෂණ ගැන ජනතාවට ඇත්ත පහදා දෙමින් දැනුවත් කිරීමේ මහÛු කාර්යක නිරතව සිටින ඉරිදා ලංකාදීපයටත් අපේ විශේෂ ස්තුතිය පුදකරනවා යැයි වෛද්‍ය ජයතිලක මහතා කීය.
මේ දරුවාගේ හිසේ හා පපුවේ කැක්කුමක් තිබෙන බව පවසා රෝහල්ගත කළේ. නළලේ සෙම තිබෙන බව පෙනීගියා. කටින් ලේ ගැලීමක් තිබෙන බව පැවැසූ නිසා රෝගයකට  ප‍‍්‍රතිකාර ලබාදීමට තීරණය කළා යැයි”ද වෛද්‍ය ජයතිලක මහතා පැවසීය.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා දැරිය සම්බන්ධව පර්යේෂණයක් කර අවශ්‍ය උපදෙස් ඇයට ලබාදී ගිය පසු කටින් ලේ වහනයක් සිදු නොවූ නිසා පසුදින (18) රෝහලෙන් ටිකට් කැපූ බව රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක අබේරත්න මහතා පැවසුවේ වෛද්‍යවරයා කළ මේ කටයුත්ත ගැන හා ඉරිදා ලංකාදීපයට ද විශේෂ ස්තුතියක් පුදකරමිනි.
මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් වන රෝහණ තෙන්නකෝන් මහතාද වෛද්‍ය ජයසූරිය මහතාගේ ගවේෂණය දැක බලාගැනීමට පැමිණ සිටියේය. භූත යක්ෂ බලවේග වලින් සිදුවනවා යැයි කියන සිදුවීම් සිය ගණනක් ගැන මා පර්යේෂණ කරලා ඒවා එසේ නොවන බව සාධක ඇතුව හෙළිකර ගෙන තිබෙනවා. ඒත් මෙවැනි ආකාරයක සිද්ධියක් ගැන පර්යේෂණයක් කළේ මුල්වතාවට යැයි වෛද්‍ය ජයසූරිය මහතා කීය.
මෙම පර්යේෂණය සාර්ථක කරගැනීමට රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලොකු සහායක් ලැබුණා. එයට ඔවුන් සැමටම ස්තුතිය පුදකළ යුතුයි. මේ ගැන මාහට දැනුම්දී පර්යේෂණයක් කිරීමට ආරාධනය කිරීම ගැන වෛද්‍ය ජයතිලක මහතාටත් විශේෂ ස්තුතියක් පුදකළ යුතුව ඇතැයි වෛද්‍ය ජයසූරිය මහතා පවසයි.
දැරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබටත් අත්වැලක් විය හැකිය. යම් උපකාරයක් කළ හැකිය.  මෙය ඉතා සුළු මානසික ව්‍යාකූල තත්ත්වයක්
වෛද්‍ය මතයx මේ කථාව දෙස අප මනෝවිද්‍යාත්මක සහ සමාජයීය යන පැතිකඩ දෙකම ඔස්සේ බැලිය යුතු වෙනවා. තමාගේම ශරීරයට තුවාල කර ගැනීම, හිංසා, පීඩා කර ගැනීම හඳුන්වන්නේ ෘෑඛෂඊෑඍ්ඔෑ ීෑඛත්‍ ්‍ය්ඍඵ (ෘී්‍ය* නමින්. වයස අවුරුදු 10 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් අතර මේ තත්ත්වය වඩාත් දැකිය හැකියි.
මෙහි විශේෂත්වය නම් මේ අය තම ශරීර අවයවයකට තුවාල කරගැනීම, කෙස් ඇදගැනීම, කපාගැනීම, තියුණු දේවලින් ශරීරයට ඇනගැනීම වැනි දේ කළත් ඒවා කරන්නේ මරණය බලාපොරොත්තුවෙන් නොවීමයි.
එනම් ඒවා මර”ය චේතනාවකින් කරන ඒවා නොවේ. මේ තත්ත්වය දරුණු මානසික රෝගයක් නොවේ. බොහෝ අය වෙතින් මානසික රෝග ලක්ෂණයන් දකින්නට ලැබෙන්නේත් නැහැ.
එහෙත් මානසික ආතතිය, පෞරුෂත්වයේ බිඳවැටීම්, විශාදය වැනි තත්ත්ව ඇති අය මÛින් මේ ක්‍‍්‍රියාකාරකම් දිස්විය හැකියි.
මේ දැරිය ඉතා අහිංසක, ගැමි දැරියක්. කිසිවකු රැුුවටීමේ, කිසිවකුට බොරුවක් කිරීමේ වුවමනාවක් ඇයට නැහැ. තම වයසට හිමි දයාව, කරුණාව, සෙනෙහස, ආදරය හා අවධානය ආදියේ අඩුවක් ඇති කල්හි   ඕනෑම අයකු ඒවා ලබාගැනීමට කුමක් හෝ කරනවා. ඇතැම් අය ඒවා කරන්නේ ඉතාම අහිංසක චේතනාවකිනි. මේ දැරියත් එසේමයි.
ඇගේ මුවින් රුධිරය වහනය වූ ආකාරය පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයේ පවා වූයේ කුකුසකි. ඊට පෙර දින ඇගේ මුව වටා රුධිරය තැවරුණු වහාම වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය හෙද සොයුරිය හා වෛද්‍යවරයකු මුල්වී ඇය පරික්ෂා කළත් කිසිදු ”සාධකයක්” හමුනොවූ බව හෙද සොයුරිය අප හා පැවසුවා.
මෙය අදෘශ්‍යමාන බලවේගයක් නිසා සිදුවන දෙයක් බවට සැක කරන්න අවශ්‍ය වටපිටාව ඒ වනවිට නිර්මාණය වී තිබුණා.එහෙත් දෙවියන්, යකුන්, භූතයන්, හොල්මන් හා අවතාර ආදිය මිනිසාගේ මනඃකල්පිත නිර්මාණයන් පමණක් නිසා මේ රුධිර වහනය ඇය විසින්ම සවිඥානකව හෝ අවිඥානකව කරන්නක් බව මා අවධාරණය කළා.
අප වාට්ටුවේ සිටියදීත් දෙවතාවක් ඇගේ මුව වටා ලේ තැවරී ගියා. මම ඇය පරික්ෂා කළත් කිසිදු තුවාල වීමක් දක්නට ලැබුනේ නැහැ.
ඇගේ මුවවටා තැවරී තිබුණු රුධිරය ඇගේ රුධිර ඝනය හා ගැළපෙන්නේ දැයි පරික්ෂා කර බලන ලෙස මා රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිශ්ශංක මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ රුධිරය ඇගේ රුධිර ඝනය හා ගැළපෙන බැව් ඔහුගේ පරික්ෂාවෙන් තහවුරු වුණා.
අප කාටත් ප‍‍්‍රශ්නය වූයේ මුව වටා තවරාගැනීමට ඇය රුධිරය ලබාගන්නේ කෙසේද යන්නයි. පියාගේ අවසරය ලබාගෙන ඇයව කෙටි වශීකරණයකට ලක්කළ විට ඇය ඇගේි‘සියලූ තොරතුරු’’ මා හා පැවැසුවා. රුධිරය තැවරීමත් ඒ සමÛම නිමාවුනා.
මා මුලින් සඳහන් කළ අන්දමට ඇය ඉතා අහිංසක දැරියක් බව යළිත් සිහිපත් කළ යුතුයි. ඇයට දැඩිි‘නීති රීති’’ වෙනුවටි‘දයාබරිත වදන්’’ අවශ්‍යයි. ඇගේ සහෝදරයන් ඇයව පණමෙන් ආරක්ෂා කරන බව ඇත්තක් වුවත් ඇගේ තාරුණ්‍යයේ සිතිවිලි තේරුම් ගැනීමට මව තරම් සුදුසු කෙනෙක් තවත් නැහැ.
ඇය රුධිරය තවරාගන්නේ සිතාමතා නොවෙයි. එය අවිඥානකව සිදුවන්නක්. ඒ නිසා ඇය කපටි හෝ බොරුකාරියක් ලෙස කිසිවිටෙකත් සිතිය යුතු නැහැ. මා සමÛ කරන ලද කතාබහේදී අධ්‍යාපනයට ඇගේ ඇති කැමැත්ත මට පෙනීගියා. සියල්ල අමතක කර ඇගේ අධ්‍යාපන කටයුතුවලට ආධාර කිරීමයි කළ යුතු වන්නේ.
එහෙත් ඇගේ පියාගේ රැුුකියාව අහිමි වී යාම ඇයට කම්පනයක් ගෙන දී තිබෙනවා. ඔහුට සුදුසු රැුුකියාවක් ලබාගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් සහ මවගේ ආදර”ය රැුුකවරණයක් සේම ආදරය හා කරුණාව ඇයට නොඅඩුව ලැබෙන්නේ නම් ඇය රටට වැඩදායක, උගත් දියණියක් බවට පත්වේවි.
මේ සිදුවීම මෙතනින් අමතක කර දමන්නැයි මා ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


මෙහිදී දේවාල වල පිහිට පැතීම අනවශ්‍ය බව මා ඇගේ පියාට පහදා දුන්නා. මේ ප‍‍්‍රශ්නය දුරදිග යන්නට නොදී, ඒ දැරියගේ අනාගතය සුරක්ෂිත කිරීමට දිස්ත‍‍්‍රික් වෛද්‍ය නිලධාරී ජයතිලක මහතාත්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිශ්ශංක මහතාත් මැදිහත් වීම ගැන ඔවුනට ස්තුතිවන්ත විය යුතු වෙනවා.
ඊනියා භූතයන් කරනවා යයි කියන මෙවැනි දේ ගැන තොරතුරු ඇතොත් අපට දැනුම් දෙන්න. ඊට විසඳුම් ලබාදෙන්නට අප සූදානම්

පියයුරු අතගාලා ආධාර කරන්න

පියයුරු අතගාලා ආධාර කරන්න


ජපානයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත‍්‍රපට නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගනියි. ජපානයේ ඒඞ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැුස්කිරීමට මෙම නිළියන් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ.

මගතොට යන එන පුද්ගලයින්ට සිය පියයුරු අතගෑමට ඉඩ දී ඔවුන්ගෙන් ආධාර මුදල් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියයි.  ජපාන රූපවාහිනී නාලිකාවක සහය ඇති ව මෙම  කටයුත්ත සංවිධානය කර ඇති අතර එක් තෝරාගත් ස්ථානයක ජපාන වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත‍්‍රපට නිළියන් 09 දෙනෙක් රඳවා  ඔවුන්ගේ පියයුරු අල්ලා බැලීමට කැමති අයට ආරාධනා කර තිබේ.

මෙහිදී විශාල පිරිසක් මේ සඳහා පැමිණ ඇති අතර ඒඞ්ස් නිවාරණ අරමුදල සඳහා විශාල මුදලක් ලැබුන බව වාර්තා වේ. මෙම වැඩසටහනට දායකත්වය දැක් වූ එක් නිළියක් සඳහන් කර ඇත්තේ සිය පියයුරුවල සැබෑ වටිනාකම තමන් වටහා ගත් බවයි. තවත් නිළියකගේ අදහස වී ඇත්තේ පියයුරෙන් සමාජ සේවයක් කළ හැකි යැයි තමන් කිසිදින නොසිතූ බවයි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ජපානයේ දේශපාලන සහ ආගමික නායකයින්ගෙන් විරෝධය පළ වී ඇති අතර මෙහි සංවිධායකයින් පවසා ඇත්තේ එසේ නම් විරෝධය පළ කරන්නන් ඒඞ්ස් නිවාරණ අරමුදලට මුදල් ලබාදිය යුතු බවයි. තමන් ප‍්‍රියකරන වැඩිහිටි චිත‍්‍රපටවල රඟන නිළියන්ගේ පියයුරු අල්ලා බැලීමට බොහෝ දෙනා තුළ ඇති කැමැත්ත තමන් මෙහිදී උපයෝගී කර ගත් බව මෙහි සංවිධායකයෙක් පවසා තිබේ

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.

පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.

මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.

සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.

පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.  
(hirunews)

Tuesday, August 26, 2014

Bill Gates ෙග් Business ෙපාත

මහ මොළයක් තිබුණු පළියටම Business කරලා සල්ලි හොයන්න පුළුවන්ද?

විසි එක්වැනි සියවසේ සාර්ථකත්වයට වඩාත් බලපෑම් කළේ කවුරුන්ද යන වග ඇසුවොත් ඊට පිළිතුරු ලෙස නොයෙකුත් උත්තර විවිධ පිරිස් විවිධ ලෙස දෙන්න පුළුවන්. කලාකරුවන්, දේශපාලනඥයන්, ක්‍රීඩකයන්, විද්‍යාඥයන් ඒ පිළිතුරු අතර ඉන්න පුළුවන්. නමුත් 21 වැනි සියවසේ සැබෑ සාර්ථකත්වයට සැබෑ ශක්තිය සහ ජවය දුන්නේ ව්‍යාපාරික ප්‍රජාව බව ඊර්ෂ්‍යාවෙන් තොරව පිළිගත යුතු සත්‍යයක්. 20 වැනි සියවස විද්‍යාඥයන්ගේ, සාහිත්‍යධරයන්ගේ සහ දේශපාලනඥයන්ගේ යුගය වුණත් 21 වැනි සියවස තුළ අති සාර්ථක වෙනස්කම් කළේ ව්‍යාපාරිකයන්.


ඔබ දැන් භාවිත කරන සියලු භාණ්ඩ ඔබ අතට පත්ව තිබෙන්නේ එවැනි විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත. ජෝන් ලෝගි බෙයාර්ඩ් රූපවාහිනිය සොයා ගත්තත් ඔහුට රූපවාහිනිය විකුණා ගන්න අවශ්‍ය කටයුතු කළේ ව්‍යාපාරිකයන්. සැබැවින්ම ව්‍යාපාරිකයන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. පළමු වර්ගය සල්ලිකාර ව්‍යාපාරිකයන් වන අතර දෙවැනි වර්ගය ලෝකය වෙනස් කළ ව්‍යාපාරිකයන්. සල්ලිකාර ව්‍යාපාරිකයන්ගේ කුලකයට අයත් වන්නේ ව්‍යාපාර කටයුතු මඟින් බිලියන ගණන් සල්ලි කඳු ගොඩ ගැසූ ව්‍යාපාරිකයන්. මෙවැනි ව්‍යාපාරිකයන් ඕනෑ තරම් ප්‍රමාණයක් ලෝකය පුරාම ඉන්නවා. නමුත් දෙවැනි වර්ගයට අයත් ලෝකය වෙනස් කළ ව්‍යාපාරිකයන් සිටින්නේ ඉතා සුළු පිරිසක්. අප අධ්‍යයනය කළ යුත්තේ සල්ලිකාරයන් පිළිබඳව නොව සල්ලි සෙවීමෙන් එහාට ගිහින් ලෝකය වෙනස් කළ මහ මොළකාරයන් පිළිබඳව.


ස්ටීව් ජොබ්ස්, රටාන් ටාටා, වෝල්ට් ඩිස්නි, අනිටා රොඩික්, බිල් ගේට්ස් වැනි ව්‍යාපාරිකයන් සල්ලි සෙවීමෙන් සහ ධනය රැස් කිරීමෙන් එහාට ගිහින් ලෝකයට නව මානයක් හඳුන්වා දුන්නා. මෙවැනි අති විශිෂ්ට ව්‍යාපාරිකයන් එහෙමත් නැත්නම් මහ මොළකාරයන් දස දෙනකුගේ ජීවන තොරතුරු අලළා මාධ්‍යවේදී කැලුම් වැලිගම රචනා කළ 'මහ මොළකාරයෝ' කෘතිය මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වුණ කෘතියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ලොව විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු පිළිබඳව ලියැවුණු සිංහල කෘතියක් සොයා ගැනීමට නොහැකි මේ කාලයේ කැලුම් වැලිගමගේ මෙම නවමු උත්සාහය මඟින් ලොව විශිෂ්ට ව්‍යාපාරිකයන් පිළිබඳව රසවත් සහ හරවත් තොරතුරු රැසක් දැන ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.


'මහ මොළකාරයෝ' කෘතිය ලියැවී තිබෙන්නේ කියවන්නා අපහසුවට සහ අතෘප්තියට පත්කරන රචනා ස්වරූපයෙන් නොවීමත් විශේෂත්වයක්. එය ලියැවී තිබෙන්නේ අපූරු ශෛලියකින් බව කෘතියෙන් උපුටාගත් පහත ඡේදවලින් මනාව නිරූපණය වනවා.


'1971 වසරේදී රටාන් ටාටා ටාටා සමූහ ව්‍යාපාරයට අයත් නෙල්කෝ සමාගමේ (The National Radio & Electronics Company Limited) අධ්‍යක්ෂ ධුරයට පත්කෙරෙන අතර එය ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. ඔහුගේ කළමනාකරණය යටතේ එහි වෙළෙඳපොළ කොටස 40% සිට 2% දක්වා අඩුවෙනවා. නමුත් නැවැතත් එය 25%ක් දක්වා වර්ධන කර ගන්න ඔහුට හැකියාව ලැබෙනවා. එම කඩාවැටීමට හේතු ලෙස සේවක ගැටලු සහ එවකට ජාතික ආර්ථිකයේ පැවැති දුර්වල පසුබිම බලපානවා. එම අසාර්ථක පාලනයෙන් පසුව 1977දී රටාන් ටාටාට නැවැතත් ඒ වනවිට අසාර්ථක වෙමින් පැවැති එම්ප්‍රෙස් මිල්ස් ආයතනයේ පාලනය භාර දෙන්නේ තවත් අභියෝගයක් වශයෙන්. නමුත් රටාන් නැවැතත් අවාසනාවන්තයෙක් කරමින් 1986දී එම්ප්‍රෙස් මිල්ස් ආයතනය වසා දමන්න සිද්ධ වෙනවා. නමුත් ටාටා තම උත්සාහය අතහරින්නේ නැහැ.'


-කැලුම් වැලිගමගේ මහමොළකාරයෝ කෘතියෙන්
'හෙන්රි ෆෝර්ඩ් උදෑසනම තම කාර්යාලයට ඉක්මනින්ම ආවේ ඊට මාස දෙකකට විතර කලින් තමා ඉදිරිපත් කළ යෝජනාවට ඉන්ජිනේරුවන් අදවත් නිසි පිළිතුරක් හොයාගෙන දෝ හිතමින්. සිලින්ඩර් අටම එකම අච්චුවක රැඳවූ එන්ජිමක් තරගකාරිත්වයට මුහුණ දීමට හඳුන්වා දිය යුතුව තිබුණත් ඔහුගේ ඉන්ජිනේරුවන් සියලු දෙනාම වගේ කිව්වේ ඒක කිසිසේත්ම කරන්න බැරි දෙයක් කියලා. නමුත් හෙන්රි ෆෝර්ඩ් සිලින්ඩර් අටම එකම අච්චුවක රැඳවූ එන්ජිමක් නිර්මාණය කළ හැකි බව දැඩිව විශ්වාස කළා. ඉතින් ඒ සිහිනයේම හිටිය හෙන්රි ෆෝර්ඩ් එදත් ඉන්ජිනේරුවන්ගෙන් නැවැත වරක් ඇහුවේ ඒක කළ හැකි ද කියලා.
සර් ඒක නම් කරන්න බැරි වැඩක් කියලා ඉන්ජිනේරුවෝ සියලු දෙනාම එදින රැස්වීමේදීත් ඒකමතිකව ප්‍රකාශ කළා.'
- කැලුම් වැලිගමගේ මහමොළකාරයෝ කෘතියෙන්.


'ෆේස්බුක් සමාගමේ සභාපති වගේම ප්‍රධාන විධායක නිලධාරියා වෙන මාර්ක් සකර්බර්ග් තාමත් කාර්යාලයට එන්නේ සරසවි සමයේදී ඔහු අඳින්න වඩාත් ප්‍රිය කළ ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරැසිලා ඉතාම සරල සහ සැහැල්ලු ආකාරයකට. ෆේස්බුක් සමාගමේ සාර්ථකත්වයට අවශ්‍ය දක්ෂ මානව සම්පතක් රැස් කරගෙන තිබීම සෑහෙන්න බලපෑවා. එහි අලෙවිකරණ සහ මෙහෙයුම් කටයුතු සඳහා නම් දැරූ දක්ෂ කළමනාකරුවන් යොදා ගන්න තරම් ඔහු බුද්ධිමත් වුණා. එම ප්‍රවීණයන්ගේ ඇසුර ඔස්සේ ඔහුගේ නොමේරූ ගතිය තවදුරටත් අඩු කර ගනිමින් සෙමෙන් සෙමෙන් පරිණත වෙන්න හැකියාවද ලැබුණා.
- කැලුම් වැලිගමගේ මහ මොළකාරයෝ කෘතියෙන්.


විශිෂ්ට ව්‍යපාරිකයන් මුහුණ දුන් බාධක, ඔවුන් ක්‍රියාත්මක කළ වෙනස් උපක්‍රම, ඔවුන් ගත්ත සමහර වැරැදි තීරණ, ඔවුන්ගේ ප්‍රේමය වැනි බොහෝ දේවල් පිළිබඳ අපූරු තතු කෘතිය තුළ අන්තර්ගත කර තිබෙනවා. එනිසා මෙම කෘතිය කෙනකුගේ උපත සහ විපත පමණක් සඳහන් සාම්ප්‍රදායික චරිතාපදාන කෘතිවලට මහඟු ආදර්ශයක්.



සඳුන් ජීවන්ත(මවුබිම)